| කොස් යනු ශ්‍රී ලාංකික ඡනයා අතර බත් වලට පසුව වඩාත් ඡනප්‍රියම ආහාරයයි.මේවා පරිණතභාවයට පත්වීමේ විවිධ අදියරයන් මත කොස් විවිධාකාරයෙන් භාවිතා කළ හැකිය.පරිණත නොවූ හෝ මෘදු කොස් ,පොළොස් ඇඹුල් සෑකසීමට යොදාගනී. පරිණත වූ කොස් හෙරලි සහ ඉදුණු කොස් ඒවායේ ස්වභාවය මත වැල හෝ වරකා ලෙස හදුන්වයි. කොස් ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික කලාපයක වැවෙන බෝගයක් වන අතර සාමාන්‍යයෙන් ඒවා අඩි 25ක් පමණ උසට වර්ධනය වේ.බොහෝවිට මැයි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව තුළදී කොස් බහුල වන අතර සමහර අවස්ථා වලදී ඔක්තෝම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළදී ද සුලභවේ.දෙවන ලෝක යුද්ධ සමයේදී බත් වෙනුවට ආදේශකයක් ලෙස ද කොස් භාවිතාකර තිබේ.මෙම බෝගය බොහෝ ප්‍රදේශ වල අපතේ යන අතර ඒවා විඡලනය කර අවාරයේදී භාවිතයට ගතහැකි පරිදි සකසා ගැනීම වැදගත්. කොස් විඡලනය කිරීම පිළිබද වූ වීඩියෝ පටය නැරඹීම සදහා මෙහි ක්ලික් කරන්න
Tags: Other Products
|